ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපතිවරයා සහ ජපාන අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ටෝකියෝ ඔලිම්පික් උළෙල වසරකින් කල්දැමීමට දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණ ඇත.
2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතව තිබුණේ මෙම වසරේ ජුලි මස 24 වැනිදා සිට අගෝස්තු මස 9 වැනිදා දක්වාය.
ලොව පුරා සීග්‍රෙයන් පැතිර යන කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ඔලිම්පික් උළෙල කල් දමන ලෙස බොහෝ රටවලින් බලපෑම් එල්ල විය.
ටෝකියෝ සීත සෘතු ඔලිම්පික් උළෙල 2021 වසරේ අගෝස්තු මස 24 වැනිදා සිට සැප්තැම්බර් මස 5 වැනිදා දක්වා පැවැත්වීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.