Apr 02, 2020

විම්බල්ඩන් තරඟාවලිය අවලංගුයි

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන Covid-19 ව්‍යාප්තිය හමුවේ මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය අවලංගු කිරීමට තීරණය කර තිබේ.

වසර 2020 විම්බල්ඩන් තරගාවලිය ලබන ජුනි මස 29 දා සිට ජූලි 12 දා පැවැත්වීමට නියමිතව තිබුණි.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මෙම තරගාවලිය අවලංගු කළ පළමු අවස්ථාව මෙයයි.

මේ වනවිට මැයි මාසයේදී ඇරඹීමට නියමිතව පැවති ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය ද සැප්තැම්බර් 20 දක්වා කල්තබා ඇත.

මේ වන විට Covid-19 වසංගතය හේතුවෙන් ලෝකයේ ප්‍රධාන ක්‍රීඩා තරගාවලි කිහිපයක්ම අවලංගු කර තිබෙන අතර, තෝක්යෝ ඔලිම්පික් තරගාවලිය හා 2020 යූරෝ පාපන්දු තරගාවලිය ද මේ අතර වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top