පවතින Covid-19 වසංගතය ඉන්දියාවට පෙර ලංකාවෙන් තුරන්වීමේ හැකියාවක් ඇති බවත්, එසේ වුවහොත් ඉදිරියේදී ඒ පිළිබඳ යෝජනාවක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා රොයිටර් පුවත් සේවය වෙත පවසා තිබේ.
Covid-19 වසංගතය හේතුවෙන් මෙවර IPL තරගමාලාව මේ වන විට දින නියමයක් නොමැතිව කල් දමා ඇත.
මෙම තරගාවලිය ආරම්භ වීමට නියමිතව පැවතුණේ මාර්තු 29 දා වුවත්, ඉන්දියාවේ දින 21ක ලොක්ඩවුන් තත්ත්වයක් ප්‍රකාශ වීමත් සමග එය අප්‍රේල් 15දින තෙක් කල්දමනු ලැබුණි.
ඉන්දියාවේ ලොක්ඩවුන් තත්ත්වය මැයි 03 දක්වා දීර්ඝ කිරීමත් සමග මෙම තරගාවලිය යළිත් කල්දැමීමට සිදුවිය.