Apr 19, 2020

තරග නැවතුනාට දූෂිත පුද්ගලයන් ගේ අඩුවක් නෑ - මාෂල්

Covid-19 වසංගතය හේතුවෙත් මේ වන විට සියළුම මට්ටමේ ක්‍රිකට් තරග අත්හිටුවා ඇති නමුත්, ඉදිරියේදී තරග පාවාදීම් වලට පෙළඹවිය හැකි “දූෂකයන්” ගෙන් ප්‍රවේශම් වන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා වන ඇලෙක්ස් මාෂල් අනතුරු අඟවයි.

පසුගිය මාසයේ සිට ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩා කර නොමැති අතර පළමු පෙළ, ඡන්ද බලය හෝ ජාත්‍යන්තර තරඟ නැවත ආරම්භ වන නිශ්චිත දිනයක් මේ දක්වා ප්‍රකාශයට පත්කර නොමැත.

කෙසේවෙතත්, මෙය, කාලයක් ක්‍රිකට් ක්‍රීඩාව ඉලක්ක කරගත් අපරාධකරුවන්ගේ ප්‍රවේශයන් අඩුවීමට හේතු වනු ඇතැයි උපකල්පනය කිරීම සාවද්‍ය බව මාෂල් මහතා පවසයි.

ලොව පුරා ජාත්‍යන්තර හා දේශීය ක්‍රිකට් තරග Covid-19 හේතුවෙන් තාවකාලිකව නවතා දමා ඇති නමුත් දූෂකයන් තවමත් සක්‍රීය බව 'ද ගාඩියන්' පුවත්පත වෙත ඔහු පවසා ඇත.

එබැවින් ICC ය සිය සාමාජිකයන්, ක්‍රීඩකයින්, ක්‍රීඩක සංගම් සහ නියෝජිතයන් සමඟ දිගින් දිගටම කටයුතු කරන බව ඔහු සඳහන් කරයි.

අන් කවරදාටත් වඩා වැඩිපුර කාලයක් ක්‍රීඩකයින් සමාජ මාධ්‍යවල සිටින මෙවැනි අවස්ථාවකදී, පසුකාලීනව ඔවුන්ව සූරාකෑමට ලක් කරගත හැකි සබඳතාවක් ගොඩනගා ගැනීමට මෙවැනි නමගිය දූෂිත පුද්ගලයන් උත්සාහ දරමින් සිටින්නේ යැයි පෙනී යන බව එංගලන්තයේ හිටපු පොලිස් ප්‍රධානියෙකු වන මාෂල් කියා සිටියි.

තරග නවතා දැමීම හේතුවෙන්, මෙවැනි පුද්ගලයන්ගේ උගුල් වලට අසුවීමේ වැඩි අවදානමකට ලක්වන සිටින්නේ අඩු ආදායම් ලබමින් සිටි ක්‍රීඩයන් බවද හෙතෙම පවසයි.

"මෙම ගැටළුව ඉස්මතු කර දැක්වීමෙන් ඔවුන් සියලු දෙනාම මෙම අනතුර සම්බන්ධයෙන් නිරන්තරයෙන් දැනුවත් වී සිටීම හා මේ සම්බන්ධෙයන් සිය පරිස්සම සුළුවෙන් නොතැකීම සහතික වීම සඳහා අපි, අපගේ සාමාජිකයින්, ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ පුළුල් ජාලයන් සමග සම්බන්ධ වී සිටිමු," යැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top