මෙම තරග සංචාරය යටතේ එක්දින තරග 3ක් හා පන්දුවාර විස්සයි-20 තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබුණි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටින්නේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව දෙපාර්ශවය විසින් මෙම එකඟතාවයකට එළැඹුනු බවයි.
'මිනිස් ජීවිත දහස් ගාණක් බිළිගෙන තිබෙන කොරෝනා වෛරස් තත්ත්වයෙන් යථා තත්ත්වයට පත්වීමෙන් පසු මෙම තරගාවලිය නැවත පැවැත්වීම කෙරෙහි අදාළ සාකච්ඡාවේදී දෙපාර්ශ්වය එකඟතාවයකට එළැඹ සිටින,' බව මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.