ස්ටාර් ස්පෝර්ට්ස් හී ක්‍රිකට් සම්බන්ධයෙන් නම් කළ විශේෂඥ ජූරි සභාවක් විසින් මේ තේරීම් සිදු කළේය.
යෝකර් පන්දුව සමගින් විස්සයි 20 ක්‍රීඩාවේ ඕනෑම අදියරක දී මුහුණදීමට අපහසු, වඩාත්ම තර්ජනාත්මක පන්දු යවන්නකු බවට පත්වීමට මාලිංග සමත්වීමත් තෝරා ගැනීමේදී ඉවහල් වී තිබේ.
ක්‍රීඩාලෝලීන්ගේ වැඩිම ආකර්ශනය දිනාගත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමෙන් පසුව මෙතෙක් පැවැති තරගමාලා 12න් බිහිවූ 'සදාතනික ශ්‍රේෂ්ඨයන්' නමින් අපූරු තේරීමක් සිදු කිරීමට සංවිධායකයන් පසුගියදා කටයුතු කර තිබිණි.
“අයි.පී.එල්. ඉතිහාසයේ විශිෂ්ටතම වේගපන්දු යවන්නා ලෙසින් මම ලසිත් මාලිංග සලකනවා. එමෙන්ම තවමත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධනතම අවිය වන්නේ ලසිත් මාලිංගයි. පසුගිය තරගාවලියේ අවසාන මහා තරගයේදී තීරණාත්මක අවසන් පන්දුවාරය නැවතත් ඔබ නැරඹුවහොත් ඔබට ඒ බව පැහැදිලි වෙනු ඇතැයි මම සිතනවා.” යනුවෙන් මෙහිදී අදහස් දැක්වූ එංගලන්ත හිටපු සුපිරි පිතිකරු කෙවින් පීටර්සන් පවසා ඇත.
අයි.පී.එල්. තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වන මාලිංග අයි.පී.එල්. තරග 122කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 170කි.