මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව සඳහන් කරයි.
ඒ අනුව, ක්‍රිකට් ක්‍රීඩාංගණවල සහ යටිතල පහසුකම්වල ප්රමිතීන් පවත්වාගෙන යාම සඳහා 2020 මාර්තු සහ අප්‍රේල් මාස වෙනුවෙන්, ක්‍රිකට් ක්‍රීඩාංගණ පවත්වාගෙන යන සිය සාමාජිකත්වය හිමි ක්‍රිකට් සමාජ සඳහා රු. 100,000 බැගින් ප්රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය තිබේ.
තවද, වර්තමාන තත්ත්වය හේතුවෙන් මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින දිස්ත්‍රික් සංචිතවල ක්‍රීඩකයින්ගේ සහ එහි කළමනාකරණ කාර්ය මණ්ඩලයේ ජීවනෝපායන් නගාසිටුවීම සඳහා දිස්ත්‍රික් ක්‍රිකට් සංගම්වලට වලට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රු. 150,000 ක ප්රදානය කිරීමට නියමිතය.
මෙම පියවරයන් යටතේ ක්‍රිකට් ක්‍රීඩාංගණ පවත්වාගෙන යන සාමාජික සමාජ 11 ක් සහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් 26 ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලැබෙනු ඇත.
මේ අතර, සහන පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ විනිසුරුවන්ගේ සංගමය වෙතද රු. 780,000 ක මූල්‍ය අත්තිකාරමක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.