මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ තෝක්යෝ ඔලිම්පික් උළෙල, කොරෝනාවෛරස් වසංගතය හේතුවෙන් ලබන වසරේ ජූලි 23 - අගෝස් 08දා දක්වා පැවැත්වීමට නියමිතය.
කෙසේවෙතත්, මෙම උළෙල යළිත් කල්දැමීමට සිදුනොවන ඇතැයි මොරි මහතා විශ්වාසය පළ කර තිබේ.
කෙසේවෙතත්, ජපානයේ වෛද්‍ය සංගමයේ සභාපති - යොෂිතකෙ යොකොකුරා මහතා පවසා ඇත්තේ කොරෝනාවෛරසය වෙනුවෙන් සාර්ථක ඖෂධ හෝ එන්නතක් නොමැතිව 2021දී ද ඔලිම්පික් උළෙල පැවැත්වීමට අපහසු වනු ඇති බවයි.