ජපාන මිත්‍රත්ව සබඳතාවයන් වැඩි දියුණු කිරීම පිණිස අග්‍රගණ්‍ය දායකත්වයන් දක්වන ලද විදෙස් ජාතිකයින් හට ජපාන අධිරාජ්‍යවරයා විසින් මෙම සම්මානය පිරිනැමීම සිදුකරනු ලබයි.
මෙවර මෙම සම්මානයෙන් පිදුම් ලබන පුද්ගලයන් ඊයේ (29) දිනයේදී ජපන් රජය විසින් දැනුම් දී තිබුණි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන මෙරට ජපන් තානාපති කාර්යාලය පවසා ඇත්තේ මෙසේය :
"ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ගරු සභාපති, සිසිර කුමාර මහතා විසින් ශ්‍රී ලංකාව තුල කරාතේ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම හරහා ද්වි පාර්ශවීය සබඳතා ශක්තිමත් කිරීමට අමිල දායකත්වයක් ලබා දී ඇත. ක්‍රීඩකයන්ගේ ආධ්‍යාත්මික හා ශාරීරික යන දෙඅංශයේම ගුණාංග වර්ධනය කෙරෙන මෙම ජපාන සටන් කලාව කෙරෙහි පැහැදීමෙන් බැඳුණු කුමාර මහතා විසින් දශක හතරක දීර්ඝ කාලයක් මුළුල්ලේ දිවයිනේ පුරා පාසල් හා විද්‍යාල වල කරාතේ ක්‍රීඩාවේ වටිනාකම ව්‍යාප්ත කිරීම උදෙසා සිය පූර්ණ උත්සාහයන් කැප කර ඇත. ඔහුගේ අනවරත වෑයමින්, අද වනවිට මිලියන භාගයකට නොඅඩු ක්‍රීඩකයින් පිරිසක් බිහිවීම තුලින් කරාතේ ශ්‍රී ලංකාව තුල ජනප්‍රියත්වය අතින් ක්‍රිකට් වලට පමණක් දෙවනි වන ක්‍රීඩාව බවට පත්වී ඇත. 2021 ටෝකියෝ ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ නිළ ක්‍රීඩාවක් ලෙස කරාතේ සුදුසුකම් ලැබීමත් සමග, කුමාර මහතා සම්මානයට පාත්රවීම ඔස්සේ, ශ්‍රී ලංකාව තුල කරාතේ ක්‍රීඩාවේ ජනප්‍රියත්වය තව දුරටත් වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තුවේ."
සබැඳි පුවත් :
සුමිත්‍රා පීරිස් ට ජපානයෙන් සම්මානයක්