May 03, 2020

දැල්පන්දු වලට එළියක් වූ තිලකා යන්න යයි Featured

ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස කටයුතු කළ තිලකා ජිනදාස එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ඇය විසින් සිය අස්වීමේ ලිපිය පසුගිය ඉරිදා දින ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය වෙත යොමු කර තිබේ.

පසුගිය කාලය පුරාවටම දැල්පන්දු ක්ෂේත්‍රය වෙනුවෙන් ඇගෙන් දැවැන්ත මෙහෙවරක් ඉටුවිය.

මෙම ධූරය සඳහා ඇය සමග ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය අත්සන් කළ තුන් අවුරුදු ගිවිසුම ජුනි 20-24 දක්වා දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු නෙට්බෝල් තරගාවලියෙන් පසුව අවසන් වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත්, සන්ඩේ ඔබ්සවර් පුවත්පත වෙත අදහස් දක්වමින් ඇය පවසා තිබුණේ ගේට්වේ ජාත්‍යන්තර පාසැලේ ක්‍රීඩා අධ්‍යක්ෂක - හර්ෂ අලස් හමුවීමෙන් පසුව ක්‍රීඩා සංවර්ධනය සම්බන්ධයෙන් ඉතා හොඳ වෘත්තිමය අවස්ථාවක් තමාට උදාවූ බවයි. මෙහිදී තමා ගේ තාක්ෂණික හා පරිපාලන කුසලතා ද වර්ධනය කිරීමට අවස්ථාවක් ලැබෙන බව ඇය වැඩිදුරටත් පවසා ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top