පසුගිය දකුණු අප්රිකානු සංචාරයේදී අසාර්ථක වූ ශ්රී ලංකා පිතිකරු දිනේෂ් චන්දිමාල් මෙම සංචිතයට එක්කර නොමැති අතර, ධනන්ජය ද සිල්වා, තික්ෂිල ද සිල්වා, නුවන් ප්රදීප්, සුරංග ලක්මාල්, කුසල් පෙරේරා හෝ ජෙෆ්රි වැන්ඩසේ ද සංචිතයට නම් කර නොමැත.
කෙසේවෙතත්, වසර 2016 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙරාතුව මෙම ආකෘතියේ තරග වලින් ඉවත්වූ ලසිත් මාලිංග මෙම සංචාරයට නම් කර තිබේ. මෙල්බර්න් නුවර පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස පළමු තරගයට මාලිංග ක්රීඩා කළහොත් ඒ, ඔහු වසරකට ආසන්න කාලයකදී ක්රීඩා කරන පළමු තරගය වනු ඇත.
මේ අතර, අවසන් වරට 2013 දී ක්රීඩා කළ දිල්ෂාන් මුණවීර ද සංචිතයට නම් කර තිබේ.
පන්දුවාර විස්සයි විස්ස තරග තුනකින් හා පුහුණු තරගයකින් සමන්විත වන මෙම සංචාරයේදී ශ්රී ලංකා පිලේ නායකයා ලෙස උපුල් තරංග කටයුතු කරනු ඇත. කෙසේවෙතත්, ක්රිකට් ප්රවීණයන් ගේ මතය වී තිබුණේ මාලිංග මෙම සංචාරයේදී කණ්ඩායම් නායකයා ලෙස නම් කිරීම සුදුසු වන බවයි.
සංචිතය : උපුල් තරංග (නායක) ,නිරෝෂන් දික්වැල්ල (කඩුළු), අසේල ගුණරත්න, දිල්ෂාන් මුණවීර, කුසල් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, සචිත් පතිරණ, චාමර කපුගෙදර, සීක්කුගේ ප්රසන්න, නුවන් කුලසේකර, ඉසුරු උදාන, දසුන් ශානක, ලක්ෂාන් සඳකැන්, ලසිත් මාලිංග, විකුම් සංජය
සබැඳි පුවත් :