May 06, 2020

ඉන්දීය පිලේ පුහුණුකරු වෙන්න කැමතියි - ශොයිබ් අක්තාර්

ඉදිරියේදී ඉන්දීය පිලේ පන්දු යැවීමේ පුහුණුකරු ධූරය ලැබුණහොත් එය ඉතා සතුටින් භාර ගන්නා බව පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක ශොයිබ් අක්තාර් පවසයි.

Helo නම් සමාජ ජාල ඇප් එකක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

"මගේ කර්තව්‍යය දැනුම බෙදා දීමයි. මා උගත් දේ දැනුමයි... එය මා බෙදා දෙනවා...," යැයි ඔහු පවසා තිබේ.  

වඩාත් ආක්‍රමණශීලි ලෙස හා වේගවත් ලෙස ක්‍රීඩා කරන පන්දු යවන්නන් තමා හට වර්ධනය කළ හැකි බව ඔහු මෙහිදී පවසා තිබේ.

එසේම තමා ක්‍රීඩා කරන කොල්කටා නයිට් රයිඩර්ස් IPL කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට තමා කැමති බව හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top