May 06, 2020

සංගා දෙවැනි වරටත් MCC සභාපති ධූරයට?

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර දෙවැනි වරටත් මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ (MCC)සභාපති ධූරයට පත්වීමට නියමිත බව වාර්තා වේ.

ජුනි 24දා පැවැත්වෙන එම ක්‍රීඩා සමාජයේ වාර්ෂික සමුළුවේදී මේ පිළිබඳ යෝජනාවකට ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ වන විට මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සියළු ක්‍රීඩා කටයුතු කල්දමා තිබේ.

මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ මුල්පුටුවට පත් පළමු විදෙස් ජාතිකයා වන සංගක්කාර සිය ධූරයේ වැඩකටයුතු ආරම්භ කළේ පසුගිය ඔක්තෝබර් 01දා සිටයි.

සාමාන්‍යයෙන් මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති ධූර කාලය සාමාන්‍යයෙන් මාස 12කි. කෙසේවෙතත් පළමු හා දෙවැනි ලෝක යුද්ධ සමයන් හි මෙම සමාජයේ සභාපති ධූරය දැරූ හෝක් සාමිවරයා (1914-18) සහ ස්ටැන්ලි ක්‍රිස්ටෝපර්සන් (1939-45) යන දෙදෙනාම මීට වඩා දීර්ඝ කාලයක් එම ධූරයේ සේවය කළහ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top