හමින් නිමා වූ පන්දුවේ එක් පැත්තක් ක්‍රීඩකයන් විසින් නිතිපතා ඔප දමන අතර අනෙක් පැත්ත ඔප නොදමා තිබීම පන්දුව ගුවනේදී දෙපැත්තට පැද්දීමට උපකාරී වෙයි. එමගින් පන්දුවට පහරදෙන පිතිකරුවා රවටා ගැනීමට පන්දු යවන්නාට අවස්ථාව තිබේ.
පසුගිය සතියේ නිකුත් කරන ලද ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ආයතනයේ මාර්ගෝපදේශ යටතේ දේශීය ක්‍රිකට් තරග ක්‍රීඩාව නැවත ආරම්භ කිරීම සඳහා කොන්දේසි නියම කර ඇති අතර පන්දුව මතුපිටට කෙළ ගැසීම හෝ දහඩිය ඇතිරීම පැහැදිලිවම තහනම් කර ඇත.
කෙසේ වෙතත් කොකබුරා සමාගම පවසන්නේ මෙම ඉටි තැවරීමේ උපාංගය තවමත් “මූලික සංවර්ධන අවදියේ” තිබුණද එමගින් ප්‍රශ්නයට විසඳුමක් ලබා දිය හැකි බවයි.
“අප ආදරය කරන ක්‍රීඩාවේ අඛණ්ඩ සංවර්ධනය වෙනුවෙන් වැඩිදියුණු කිරීම් සහ නව්‍යකරණයන් සඳහා අපි කැපවී සිටිනවා,” යැයි කොකබුරා සමාගමේ සාමාන්‍යාධිකාරී ඬේවිඞ් ඕචර්ඞ් මහතා ඒ.එෆ්.පී වෙත පැවසීය.
“කොවිඞ්-19 වසංගතයේ ප්‍රතිපලයක් ලෙස අපි සෑම විටම අපගේ ක්‍රීඩාව ලොව පුරා සියලුම ක්‍රිකට් ප්‍රජාවන්ට ආරක්ෂිතව ක්‍රීඩා කිරීමට ඉඩ සලසන විසඳුම් සොයමින් සිටිනවා” යයිද හෙතෙම පැවසීය.
වසංගතය හේතුවෙන් ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාව අත්හිටුවා ඇති අතර ක්‍රීඩාව නැවත ආරම්භ වන විට මෙම ඉටි තැවරීමේ උපාංගය භාවිතා කිරීමට පාලක මණ්ඩලවල අනුමැතිය අවශ්‍ය වනු ඇත. කොකබුරා සමාගම මේ සඳහා අදහස ලබාගෙන ඇත්තේ පාවහන් ඔපදැමීමට භාවිතා කරන ස්පොන්ජ් කැබැල්ලකිනි.
කොකබුරා සමාගමේ නවෝත්පාදනය අනුව කුඩා ස්පොන්ජ් කැබැල්ලක් භාවිතා කරමින් පන්දුවට ඉටි ගැල්වීම අපේක්ෂා කෙරේ. පන්දු යවන්නන් පන්දුව කෙළ ආලේප කරමින් හෝ දහදිය තැවරීමෙන් පසු ඔවුන්ගේ ඇඳුම් මත ඇතිල්ලීමෙන් පන්දුව ඔප දැමීම සාම්ප්‍රදායික මෙන්ම අනුමත ක්‍රමයයි. පන්දුවේ ස්වභායට වෙනස් කිරීම සඳහා කෘතිම ද්‍රව්‍ය භාවිතා කිරීම වර්තමාන නීති මගින් තහනම් කර ඇති නමුත් එයින් ඔබ්බට ගිය වංචා සඳහා දීර්ඝ ඉතිහාසයක් ඇත.
ටෙස්ට් ක්‍රීඩකයෝ පන්දුවේ ඔපය වැඩිකිරීම සඳහා පෙට්‍රෝලියම් ජෙලි සහ දුම්මල මෙන්ම ඇතැම් ආලේපන වර්ග භාවිතා කිරීමත් බෝතල් පියන්, කලිසම් සිපර් හෝ දූවිල වලින් එය පළුදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.
වඩාත් කුප්‍රකට මෑත සිදුවීම වූයේ 2018 දී, ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් තිදෙනෙකු දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන් හි පැවති ටෙස්ට් තරඟයකදී වැලි කඩදාසියකින් පන්දුව වෙනස් කිරීමට උත්සාහ කිරීමයි. ඊට සම්බන්ධ වූ ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත්, උපනායක ඬේවිඩ් වෝනර් මෙන්ම ආරම්භක පිතිකරු කැමරන් බැන්ක්රොෆ් තිදෙනාටම වසරක ක්‍රිකට් තහනමක් පනවන ලදී.
(කෙළිමඬල)