"ගැටලුව වන්නේ මේ සම්බන්ධයෙන් හෝ උසස්වීම් ලැබීමට මා උනන්දු නොවීමයි ... කෙසේනමුත්, ප්‍රශංසාවට ස්තූතියි," ලෙස මේ සම්බන්ධයෙන් පළ වී ඇති වාර්තාවක් පාදක කරගත් ට්විටර් පණිවිඩයකට ඔහු පිළිතුරු ලබාදී ඇත.
සංගක්කාර මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඉහළ තනතුරකට යෝජනා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදහස් කර සිටින බව එහි ලේකම් මොහාන් ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇති බව එම වාර්තාවේ දැක්වුණි.