May 18, 2020

තවත් ක්‍රීඩාංගනයක් ඕනෙද? - මහේල Featured

හෝමාගම දියගම ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රිකට් පිටිය සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා විසින් ප්‍රශ්ණ කර තිබේ.

ඔහු මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ට්විටර් පණිවිඩය මෙසේය :

MahelaJ 600px 20 05 18

පවතින ක්‍රීඩාංගණවල වලද ප්‍රමාණවත් තරම් ජාත්‍යන්තර ක්‍රිකට් හෝ දේශීය පළමු පන්තියේ ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමේ හැකියාවක් නොමැති වාතාවරණයකදී තවත් ක්‍රීඩාංගනයක් අවශ්‍යයද යන්න ඔහු ප්‍රශ්ණ කර තිබේ.

මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (17) නිවේදනය කර සිටියේය.

කෙසේවුවද, Covid-19 වෙරසය හේතුවෙන් රටේ ආර්ථිකය දැඩි බිඳවැටීමකට ලක්ව තිබියදී මෙම ක්‍රීඩාංගනය මේ අවස්ථාවේ ඉදිකිරීම අත්‍යාවශ්‍ය කරුණක්ද යන්න පිළිබඳව සමාජ ක්‍රියාකාරීන් සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස ප්‍රශ්න කර තිබේ.

සබැඳි පුවත් :

බන්දුල ලොකුම ක්‍රිකට් පිටියේ වැඩ පටන්ගන්න ස්ථානීය පරික්ෂාවක

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top