May 21, 2020

හෝමාගම ක්‍රිකට් පිටිය ඉදිකිරීම අත්හිටුවයි (Update) Featured

හෝමාගම, දියගම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා, ක්‍රිකට් ක්‍රීඩකයින් හා බලධාරීන් අතර අද (21) පැවති රැස්වීමකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කර තිබේ.

(අවසාන යාවත්කාලීන කිරීම : Thursday, 21 May 2020 15:13 )

හෝමාගම පිටිය ගැන අගමැති සාකච්ඡාව (ඡායා)

මේ අවස්ථාවේදී මෙරට තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට අවශ්‍ය නොවන බව හෝමාගම ඉදිකිරීමට යෝජිත ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් අගමැතිවරයා ප්‍රමුඛව අද (21) පැවති සාකච්ඡාවේදී බහුතර මතය වී ඇතැයි වාර්තා වේ.

මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන රොෂාන් මහනාම, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, සනත් ජයසූරිය, වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග හා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, වත්මන් සභාපති ශම්මි සිල්වා, හිටපු සභාපති තිලංග සුමතිපාල, වරාය සහ මහාමර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන් එක්ව සිටියහ.

ක්‍රිකට් ක්‍රීඩාංගන ඉදිකිරීම වෙනුවට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා මීට වඩා පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මකවීමට අවශ්‍ය බවද ඒ සඳහා ජාතික සැලැස්මක් සකස් විය යුතු බවද මෙහිදී යෝජනා වී ඇතැයි වාර්තා වේ.

Ground1 670px 20 05 21Ground1 670px 20 05 21Ground1 670px 20 05 21Ground1 670px 20 05 21

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top