විසිපස් හැවිරිදි මේ ක්‍රීඩකයා කලක සිට හෙරොයින් පානය කරන බවත්, ඔහුට ක්‍රීඩා බලධාරීන් පවා කිහිපවිටක් මේ සම්බන්ධයෙන් අවවාද කර ඇති බව පැවසේ.
සැකකාර ක්‍රීඩකයා 2018 වසරේදී තරග කිහිපයකදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අයෙකි.
සැකකාර ක්‍රීඩකයා සමඟ කුඩපොත්ත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයකු ද හෙරොයින් ග්‍රෑම් 2යි මිලි ග්‍රෑම් 810 ක් සමඟ අයෙකු ද පොලිස් අත්අඩංගුවට පත්ව පසුව අධිකරණයෙන් රිමාන්ඩ්ගත කර ඇත.
අධිමිල සුපිරි මත්ද්‍රව්‍ය ගන්න ක්‍රිකට් ක්‍රීඩකයෝ
මේ අතර, තවත් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු අධික මිල සුපිරි මත්ද්‍රව්‍ය පාචිච්චියට ඇබ්බැහිවී ඇති බවද ක්‍රිකට් කේෂ්ත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.