May 26, 2020

මධුශංකට ක්‍රිකට් ආයතනයෙන් තහනමක්

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 700ක ප්‍රමාණයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මධුශංක හට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් තහනමක් පනවා තිබේ.

ඒ අනුව පරීක්ෂණයක් පැවැත්වෙන තුරු ඔහුට සියළුම ආකාරයේ ක්‍රිකට් තරඟවලට සහභාගිවීමට නොහැකි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කළේය.

පසුගිය වසර 2 තුළ ශ්‍රී ලංකාව නියෝජනය නොකළ ෂෙහාන් මධුශංක බංග්ලාදේශය සමඟ පැවති සිය මංගල එක්දින තරඟයේදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වූ ක්‍රීඩකයෙකි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top