May 27, 2020

ක්‍රිකට් ක්‍රීඩකයින් සෞඛ්‍ය පරික්ෂාවට ලක් කිරීමට පියවර

ගිවිසුම්ගත සියලූ කිි‍්‍රකට් ක්‍රීඩකයන් වරින් වර සෞඛ්‍ය පරීක්ෂණ සදහා අහඹූ ලෙස යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ ජාතික කි‍්‍රකට් කණ්ඩායමද නියෝජනය කළ ෂෙහාන් මධුසංඛ ඉකුත්දා හෙරොයින් සමග අත්අඩංගුවට ගැනීම පාදක කර ගනිමිනි.

ශෙහාන් මදුශංඛගේ කි‍්‍රඩක කොන්ත‍‍්‍රාත්තුව තාවකාලිකව අත්හිටුවා ඇති බවද දැනට කෙරෙන විමර්ශන අවසන් වන තෙක් ශෙහාන් මදුශංඛට සියලූ ආකාරයේ කි‍්‍රකට් තරඟ තහනම්වන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන්ද සිල්වා මහතා පැවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන්ද සිල්වා පෙන්වා දුන්නේ ගිවිසුම්ගත කි‍්‍රකට් ක්‍රීඩකයන් වරින් වර සෞඛ්‍ය පරීක්ෂණ සඳහා අහඹූ ලෙස යොමු කිරීමට තීරණය කලේද ඒ අනුව බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top