May 27, 2020

LPL ලබන අගෝස්තුවේ

වසර ගණනාවක් පුරා පවත්වන්නට නොහැකි වූ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලිය ලබන අගෝස්තු මාසයේදී මෙරටදී පැවැත්වීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පරීක්ෂණයන් සිදු කිරීම සඳහා රුපියල් මිලියන 15 වටිනා PCR යන්ත්‍රයක් සහ සෞඛ්‍ය උපකරණ ක්‍රීඩා වෛද්‍ය ආයතනය වෙත පරිත්‍යාග කිරීමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top