May 29, 2020

විස්සයි20 ලෝක කුසලානය ගැන තීරණය ජුනි 10ට කල්යයි!

මේ වසරේදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතව පැවති පන්දුවාර විස්සයි20 ලෝක කුසලානය පිළිබඳ තීරණයක් ගැනීම ජුනි 10 වනදා දක්වා කල් තැබීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (28) තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙම තරගාවලිය ඔක්තෝබර් 18 - නොවැම්බර් 15 දක්වා පැවැත්වීමට මීට කලින් දින යොදාගෙන තිබුණද කොරෝනාවෛරස් වසංගතය හේතුවෙන් එය කල්දැමෙනු ඇතිදැයි යන්න පිළිබඳව අවිනිශ්තබවක් පවතියි.

(මූලාශ්‍රය : PTI)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top