May 31, 2020

ජූලි වල ඔස්ට්‍රියාවේදී F1 තරග ඇරඹෙන ලකුණු

ජූලි මාසයේදී ෆෝමියුලා 1 තරග ආරම්භ කිරීමට සත්කරත්වය සැපයීමට ඔස්ට්‍රියානු රජය අනුමැතිය හිමිවී තිබේ.

මේ අනුව, මෙහි ආරම්භක තරග ජුලි 5 සහ 12 යන දිනවල ස්පීල්බර්ග් හි රෙඩ්බුල් ධාවන පථයේදී සීමිත පිරිසක් හමුවේ පැවැත්වීමට නියමිතය.

2020 වසර සඳහා වූ ෆෝමියුලා 1 සමය මාර්තු මාසයේදී ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතව තිබුණද, නව කොරෝනාවෛරස් පැන්ඩෙමික් තත්ත්වය හමුවේ දිගින් දිගටම තරග කල්දැමීමට බලධාරීන්  හට සිදුවිය.

ඔස්ට්‍රියා ධාවන තරඟ සාර්ථකව පැවැත්වීමට සමත් වුවහොත්, F1 සමය ජූලි 19 වන දින හංගේරියාවේ බුඩාපෙස්ට් හිදී තවදුරටත් පැවැත්වෙනු ඇත.

තවත් ග්‍රෝන් ප්‍රී තරගාවලි දෙකක් අගෝස්තු මාසයේදී බ්‍රිතාන්‍යයේ සිල්වර්ස්ටෝන් ධාවන පථයේ  පැවැත්වීමටද එකඟතාවයක් පළ වී ඇති බවත්, මේ වසරේ F1 තරග දිනදර්ශනය තවමත් සකස් කරමින් පවතින බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top