රග්බි ටෙස්ට් තරග 3කින් සමන්විත අළුබඳුන තරගාවලිය එංගලන්තයේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
වසර 1908දී පළමුවරට පැවැති අළුබඳුන රග්බි ටෙස්ට් තරගමාලාව මුල් කාලයේ වාර්ෂිකව පැවැතියද විවිධ හේතු මත පසුව එය පැවැත්වෙන කාල සීමාවක් නිශ්චිත වශයෙන් තීරණය නොවීය. එබැවින් වසර 2ක, 3ක හෝ වසර 4ක කාල සීමාවකින් පසුවත්, වසර 10කට වැඩි කාලයකින් පසුවත් එම තරගමාලාව පැවැත්වීම හේතුවෙන් එය අසාර්ථක තරගාවලියක් බවට පත්වී තිබිණි.
මෙවර එය පැවැත්වීමට සූදානම් වූයේ වසර 17කට පසුව අවසන් වරට දෙරට අතර අළුබඳුන රග්බි ටෙස්ට් තරගමාලාව පැවැතියේ 2003 වසරේදී බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.