Jun 04, 2020

තරග පාවාදුන් ක්‍රිකට් ක්‍රීඩකයන් 3ක් ගැන විමර්ශන කරන බව ඩලස් කියයි 

තරග පාවාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මේ වන විට අවම වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු ගැන විමර්ශනය කරමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා කියයි. කෙසේවුවද, ඔවුන් හිටපු හෝ වර්තමාන ක්‍රීඩකයන් දැයි අලහප්පෙරුම මහතා සඳහන් කර නොමැත.

“ක්‍රීඩාව විනය හා චරිතය අඩුවී තිබීම ගැන අපට කණගාටුයි,” යනුවෙන්ද අමාත්‍යවරයා සඳහන් කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ වත්මන් කිසිදු ක්‍රීඩකයකු සම්බන්ධයෙන් අයි.සී.සී.යේ විමර්ශන සිදු නොකරන බවයි.

පාසල් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාවේ පහත වැටීමේ ප්‍රමිතීන් කෙරෙහි රජය ඉතා ඉක්මනින් අවධානය යොමු කරන බව අලහපෙරුම මහතා මේ අතර කියා සිටී.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top