කුසල් එම සංචාරයට නම් නොකිරීමට හේතුවී ඇත්තේ ප්රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තීරණාත්මක තරගයක් හේතුවෙන් බව පැවසේ.
ලබන පෙබරවාරි 13 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලයේ පැවැත්වෙන සී.සී.සී. හා එස්.එස්.සී. අතර තරගය සහ හලාවත මේරියන්ස් හා රාගම ක්‍රිකට් ක්‍රීඩා සමාජය අතර තරගයෙන් ප්රමුඛ පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයන් තීරණයවීමට නියමිතය.
එහි ශූරයන්ට රුපියල් ලක්ෂ 25ක් හා එම කණ්ඩායමට ගමන් ගැනීමට බස් රථයක් මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ත්‍යාග ලෙස ලබාදීමට නියමිතය.
සභාපති පිලෙනුත් ක්‍රීඩකයෝ හැලෙයි
අදාළ තීරණාත්මක තරග දෙක හේතුවෙන් ලබන 12 වැනිදා මොරටුව ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත එංගලන්ත ඒ කණ්ඩායම සමඟ තරගයට නම් කළ සභාපතිගේ කණ්ඩායමටද දක්ෂ ක්‍රීඩකයන් නම්කර නොමැති බව පැවසේ.
තේරීම් කමිටුවේ කචල්
සනත් ජයසූරිය ඇතුළු තේරීම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ පසුගිය දිනවල ගැටුම් ඇති කරගත්තේද ශ්‍රී ලංකා පිලට හා සභාපතිගේ පිලට ඔවුන් නම් කළ ක්‍රීඩකයන් ඇතුළ නොවීම නිසාය.
ඔවුන් නම්කළ ක්‍රීඩකයන් අදාළ කණ්ඩායම්වලින් හලා ඇත්තේ ප්රමුඛ පෙළ ලීග් තීරණාත්මක තරග දෙක නිසාය.
සබැඳි පුවත්