Jun 06, 2020

IPL වෙනත් රටක පැවැත්වීමට අවධානය

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය වෙනත් රටකදී පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දීය  ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුවී තිබේ.

පසුගිය මාර්තු මස 29 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබු අයි.පී.එල් තරඟාවලිය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කල්දැමුණි.

මෙවර ‍ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය පැවැත්වීමේ දින වකවානු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සලකා බලමින් සිටියි.

ඔවුන් විසින් එම තරඟාවලිය පැවැත්වෙන දින පිළිබඳ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අයි.පී.එල් තරඟාවලිය පැවැත්වීමේ දින තීරණය කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top