Jun 09, 2020

මධුශංක 23දා දක්වා රිමාන්ඩ්

හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව මත රිමාන්ඩ් භාරයේ පසුවන ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුශංක ලබන 23 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි ශශිකලා විජේතුංග මහත්මිය අද (09) නියෝග කළාය.

රෑම් 2යි මිලිග්‍රෑම් 700ක ප්‍රමාණයක හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මධුශංක හට ක්‍රිකට් තහනමක් ද පැණවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පසුගිය 26දා තීරණය කර තිබුණි.

සබැඳි පුවත් :

මධුශංකට දෙවැනි අවස්ථාවක් ලැබිය යුතුයි - ලසිත් මාලිංග

මධුශංකට ක්‍රිකට් ආයතනයෙන් තහනමක්

මදුශංක තවදුරටත් රිමාන්ඩ්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top