Jun 13, 2020

ඇෆ්රිඩිට කොරෝනා

තමාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායක හා තුන් ඉරියව් ක්‍රීඩක ෂහීඩ් ඇෆ්රිඩි සිය ට්ටවිර් ගිණුමේ සටහනක් තබමින් පවසයි.

40 වන වියේ පසුවන ඇෆ්රිඩි එහි සඳහන් කර ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ සිට තමා අසනීප තත්ත්වයෙන් පසුවන බවය.

ඇෆ්රිඩි1998 සිට 2018 දක්වා කාලය තුළ පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කර ඇති අතර ටෙස්ට් තරග 27ක්, එක්දින තරග 398ක් සහ විස්සයි - 20 ජාත්‍යන්තර තරග 99 කට සහභාගී වී තිබේ.

හිටපු පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක තවුෆීක් උමාර්ට ද මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණි.

අදාල ට්විටර් පණිවිඩය පහතින් දැක්වේ.

Afridi1 670px 20 06 13

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top