පෙරේදා (16) පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි. දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගනය සංගක්කාර තමන්ගෙන් වසර 20ක් සඳහා ඉල්ලා සිටිය බවය.
ඒ විදේශ රටවලින් මෙරටට ගොල්ෆ් ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලක්ෂ 10ක් වාර්ෂිකව ගෙන්වා ගැනීමේ අරමුණින් යුත් ව්‍යාපෘතියක් සඳහා බවද හිටපු මන්ත්‍රීවරයා පවසා සිටියේය.
"නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගනය හිමිවන්නේ එහි සාමාජිකයින්ට. මම කිසිවිටක එය බද්දට ගැනීමට සිතුවේ නැහැ. මීට වසර කිහිපයකට පෙර පළව තිබු පුවත්පත් දැන්වීමකට අනුව නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගනය සමීපයේ පිහිටි ඉඩමක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රීඩා සංචාරක ව්‍යාපාරයක් සඳහා මම ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කළා. හිටපු මන්ත්‍රී එස්.බි. දිසානායක ප්‍රකාශ කර ඇත්තේ තමන් ඉදිරිපත් කළ එම ව්‍යාපෘතිය සම්බන්ධවයි"
මිට සති කිහිපයකට පෙර මම ඒ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විමසීමක් සිදුකළා. මම කියා සිටියා ව්‍යාපෘතිය සඳහා අදාළ පාර්ශවයන් ගෙන් අවසරය ලැබෙන තෙක් බලා සිටිනවා කියා.මම ලබාදුන් ව්‍යාපෘති වාර්තාව අදාළ රජයේ බලධාරින් සතුව තිබෙනවා යැයි කුමාර් සංගක්කාර වැඩිදුරටත් සඳහන් කළේය.