Jun 19, 2020

මහින්දානන්දගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට විමර්ශනයක් ඉල්ලයි Featured

2011 වසරේ පැවති ලෝක කුසලාන අවසන් මහා තරගයේදී පාවාදීමක් සිදුවී ඇති බවට එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා චෝදනා කරන්නේ නම් ඒ බව සනාථ කෙරෙන සාක්ෂි ඉදිරිපත් කරන ලෙස මෙරටේ විවිධ පාර්ශව නියෝජනය කරන බෝහෝ දෙනෙක් ට්විටර් පණිවිඩ නිකුත් කරමින් සඳහන් කරයි.

2011 ලෝක කුසලාන අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉන්දියාවේ මුම්බායිහි වන්කඬේ ක්‍රීඩාංගණයේ පැවති අතර එම තරගය කඩුලූ 06 කින් ජය ගත්තේ ඉන්දියාව සමත් විය.

එම තරගය මුදලට පාවා දීමක් වී ඇතැයි තමාට ලැබුණු තොරතුරු අනුව විශ්වාස කරන බව එවක ක්‍රීඩා අමාත්‍ය ධුරය දැරූ මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය. 

එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් හිටපු ක්‍රිකට් නායකයින් වන කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, සුපිරි මැද පෙළ පිතිකරු තිලාන් සමරවීර, හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ යන අය සිය ට්ව්ටර් ගිණුම්වල සටහන් තබා තිබූණේ මෙසේය.

SMMF1 670px 20 06 19SMMF1 670px 20 06 19SMMF1 670px 20 06 19SMMF1 670px 20 06 19SMMF1 670px 20 06 19

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top