Jun 21, 2020

මොටාසා ට කොරෝනා

බංගලාදේශයේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන මශ්රෆි මොටාසා සහ තවත් ක්‍රීඩකයන් දෙදෙනෙකු හට කොරෝනාවෛරසය වැළඳී තිබේ.

මේ වන විට 36 වියේ පසුවන මොටාසා බංගලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන අතර, ඔහු ඩකා නුවර ප්‍රතිකාර ලබමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කොරෝනාවෛරසය ආසාදනය වූ අනෙකුත් ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ දඟපන්දු යවන්නෙකු වන නස්මුල් ඉස්ලාම් හා පිතිකරුවෙකු වන නෆිස් ඉක්බාල් ය. මොවුන් අවසන් වරට ජාතික ක්‍රිකට් පිළ වෙනුවෙන් තරග කර ඇත්තේ පිළිවෙළින් 2018 හා 2006 වසර වලදීය.

නෆීස් යනු මේ වසරේදී එක්දින ජාත්‍යන්තර තරග සඳහා බංගලාදේශ නායක ලෙස මේ වසරේදී පත්වූ ටමීම් ඉක්බාල් ගේ වැඩිමහල් සොහොයුරා ය.

මේ වන විට බංගලිදේශයෙන් කොරෝනා ආසාධිතයින් ලක්ෂයකට වැඩි පිරිසක් හා මරණ ගණන 1,400 ට වැඩි ප්‍රමාණයක් වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top