Jun 22, 2020

'අන්ඩර්ටේකර්' රෙස්ලිං වළල්ලට සමුදෙයි Featured

ලොවපුරා රෙස්ලිං ලෝලීන් ගේ ආදරයට පාත්‍ර වූ ජනප්‍රියතම රෙස්ලිං ක්‍රීඩකයෙකු වන 'අන්ඩර්ටේකර්', රෙස්ලින් වළල්ලට සමුදෙන බවට ප්‍රකාශ කර තිබේ.

දශක තුනකට වැඩි කාලයක් පුරාවට WWE සමග දිදුලන රෙස්ලින් වෘත්තියෙන් තමා සමුගන්නා බවට ඔහු පවසා සිටියේ 'අන්ඩර්ටේකර් : ද ලාස්ට් රයිඩ්' (Undertaker: The Last Ride) නමින් සිදුකෙරුණු ඔහු පිළිබඳ වාර්තාමය වැඩසටහනේ පස්වැනි හා අවසන් කොටසේදීය.

සුවහසක් රෙස්ලිං ලෝලීන් අතර 'අන්ඩර්ටේකර්' ලෙස ජනප්‍රිය වුවත් ඔහුගේ සැබෑ නම මාක් විලියම් කැලවේ ය.

“මගේ ජීවිතය හා වෘත්තිය තුළ මේ මොහොතේදී, මට යළිත් රෙස්ලින් වළල්ලට පැමිණීමට කැමැත්තක් නැහැ. මට ජයගන්න, ලබාගන්න තවත් කිසිවක් ඉතිරිව නැහැ. මේ නව ක්‍රීඩකයන් පැමිණීමට කාලයයි. නිවැරදිම වේලාව මෙයයි. මා සිතන්නේ එය අවබෝධ කරගැනීමට මේ වාර්තාමය වැඩසටහ ඉවහල් වුණා," යැයි ඔහු පැවසීය.

මේ අතර, WWE ද ට්විටර් පණිවිඩයක් මගින් 'අන්ඩර්ටේකර්' හට තුති පුදා තිබුණි. ඔවුන් එක්කර ඇති පණිවිඩයට මාක් ගේ අසමසම වෘත්තියේ සුවිශේෂී අවස්ථා විදහා දැක්වූ ඡායාරූපද එක්කර තිබුණේ මෙසේය.

Taker1 670px 20 06 22

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top