එම ක්‍රීඩකයන් අතර කෂීෆ් බාටි, මොහොමඩ් හස්නේන්, ෆාකර් සමාන්, මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් හෆීස්, වහාබ් රියාස් හා ඉම්රාන් ඛාන් යන ක්‍රීඩකයන් ද සිටින බව පැවසේ.
----------(අවසන් යවත්කාලීන කිරීම - Tuesday, 23 June 2020 10:40 )
පාකිස්තාන ක්‍රීඩකයින් තිදෙනෙකුට කොරෝනා
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් වන ෂදාබ් ඛාන්, හයිදර් අලී, හැරිස් රවූෆ් යන ක්‍රීඩකයින් තිදෙනාට කොරෝනා හෙවත් කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීට අමතරව ඉමාන් වසීම් සහ උස්මාන් ශිනවාරි ද කොවිඩ් - 19 පරීක්ෂණයට භාජනය වී ඇති අතර ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇතැයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.
මීට දින කිහිපයකට ඉහතදී පාකිස්තානයේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ශයිඩ් ඇෆ්රිඩිට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.