Jun 24, 2020

PDC T10 League තරගාවලියකට SLC අවසර නෑ

‘PDC T10 League’ නමින් තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අනුමැතිය ලබාදී නොමැති බව එම ආයතනය පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබුණේ එවැනි තරගාවලියකට සහභාගී වීමට ලංකාවේ කිසිම ගිවිසුම්ගත ක්‍රිකට් ක්‍රීඩිකයෙක් හෝ ක්‍රීඩිකාවක් සිය ආයතනයෙන් අවසර ඉල්ලා නොමැති බවත්ය.

SLC Tweet 2020 06 24 at 07.50.04

තවත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබුණේ ජුනි 25 වැනිදා සිට මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත බවට මාධ්‍ය වාර්තාවල සඳහන් වූ බවයි.

SLC Tweet 2020 06 24 at 07.52.24

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top