Jun 24, 2020

අංක 1 ටෙනිස් ක්‍රීඩකයාටත් කොරෝනා

ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන සර්බියාවේ නොවැක් යොකොවිච්ට කොරෝනා වෛරසය වී ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, වෛරසය ආසාදනය වී ඇතත් ඔහුගෙන් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බවයි.

එසේම ඔහුගේ පවුලේ සාමාජිකයින් ද පරීක්ෂාවට ලක් කර ඇති අතර බිරිඳට ද වෛරසය ආසාදනය වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් යොකොවිච් පවසා තිබේ.

කෙසේ වෙතත් ඔවුන්ගේ දරුවන්ට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත.

(නිවුස් ෆස්ට්)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top