ඒ අනුව කී‍්‍රඩා අමාත්‍යංශය යටතේ පවතින පාසල් කී‍්‍රඩා සංගම් එකිනෙකා අතර සහයෝගිතාවයකින් සහ එක් අරමුණකින් කි‍්‍රයාත්මක කිරීම මෙන්ම කී්රඩාශීලි දරු පරපුරක් නිර්මාණය කර කී‍්‍රඩාවෙන් රට ඉදිරියට ගෙන යෑම එහි මූලික අරමුණවී ඇත.
මේ වන විට වෙන්වෙන්ව පවතින එක් එක් කී‍්‍රඩාවන්ට අදාළ ජාතික කී‍්‍රඩා සංගමය සහ පාසල් කී‍්‍රඩා සංගමයේ නිලධාරීන් කී‍්‍රඩා අමාත්‍යංශයට කැඳවා මෙහි ඉදිරි වැඩකටයුතු පිළිබඳ සැළසුම් සාකච්ඡා කිරීම් අරඹා තිබේ.
ඒ අනුව දැල්පන්දු, හොකී, ටයිකොන්ඩෝ, ජූඩෝ, ටේබල් ටෙනිස්, මල්ලවපොර, බැඞ්මින්ටන්, පාපන්දු, රග්බි, ජිම්නාස්ටික්, බාස්කට් බෝල්, ඔරුපැදීම, බොක්සිං, චෙස්, බේස් බෝල් සහ ස්කොෂ් යන කී‍්‍රඩාවන් හි ජාතික සහ පාසල් සංගම් සමග සාකච්ඡා කිරීම් සාර්ථකව අවසන් කර ඇති අතර ඉදිරි දින කිහිපය තුළදි අනෙකුත් කී‍්‍රඩා සංගම් සමගද සාකච්ඡා කර ජාතික වැඩපිළිවෙල සකස් කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම දැමීමට සූදානම් බව කී‍්‍රඩා අමාත්‍යංශය වාර්තා කරයි.