Jun 25, 2020

බංගලියෝ එන්න බෑ කියයි

කොරෝනා හෙවත් කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් ලබන ජුලි මස මෙරටදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලිය නොපැවැත්වීමට දෙරටෙහි ක්‍රිකට් පාළක මණ්ඩලයන් විසින් එකඟ වී තිබේ.

ඉදිරියේදී එම තරඟාවලිය පැවැත්වීමට කටයුතු කරන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

සිය ක්‍රීඩකයින්හට ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීමට සුදුසු වාතාවරණයක් තවමත් උදාවී නොමැති බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත.

එම තරඟාවලිය යටතේ දෙරට අතර ටෙස්ට් තරඟ 3ක් පැවැත්වීමට නියමිතව තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top