MCC හි වසර 233 ක ඉතිහාසය තුළදී එහි සභාපති පුටුවට පත්වූ පළමු කාන්තාව ඇයයි.
43 හැවිරිදි ක්ලෙයාර්, මේ වන විට එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ කාන්තා ක්‍රිකට් කළමණාකාර අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කරයි.
ඇය, 2021 ඔක්තෝබර් 01 දා සිට සිය නව ධූරයේ වැඩ භාරගැනීමට නියමිතය.
මේ වට විට MCC හි සභාපතිවරයා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා හට දෙවැනි ධූර කාලයක් සඳහා මේ වන විට ආරාධනා ලැබී ඇත.
2019 ඔක්තෝම්බර් මාසයේදී MCC හි මුල් පුටුවට පත්වූ කුමාර් සංගක්කාර මහතා ද මේ පිළිබඳව සිය සතුට පළ කර තිබේ. බ්‍රිතාන්‍ය ජාතිකයෙකු නොවන පළමු MCC සභාපතිවරයා ලෙස ඔහු ඉතිහාසයට එක්විය.
තම නව පත්වීම පිළිබඳව අදහස් දක්වමින් ක්ලෙයාර් පවසා ඇත්තේ MCC හි මීළඟ සභාපතිනිය ලෙස පත්වීම තමා ලද ඉමහත් ගෞරවයක් බවයි.
තමාගේ ජීවිතය දැනටමත් ගැඹුරින් පෝෂණය කර ඇති ක්‍රිකට් ක්‍රීඩාව, මෙවැනි අපූරු වරප්‍රසාදයක් ලබා දී ඇතැයි ඇය පවසයි.
මේ වන විට MCC හි පූර්ණ සාමාජිකයන් 18,000 ක් සිටින නමුත් එහි පළමු කාන්තා පූර්ණ සාමාජිකාව පමණක් පිළිගනු ලැබුවේ 2018 දීය. කාන්තාවන් හට එක්වීමට ඡන්ද විමසීමක් සිදුකර තිබුණේ ඊට විසි වසරකට පෙරාතුවය.