ඔහු මෙලෙස නම් කර ඇත්තේ විස්ඩන් මාසික සඟරාව විසිනි.
මෙම සඟරාව ලොව ප්‍රමුඛතම ක්‍රිකට් විශ්ලේෂණ සමාගම වන Cricviz සමඟ එක්ව සිටියි. Cricviz විසින් 21 වැනි සියවසේ හොඳම ටෙස්ට් ක්‍රීඩකයින් 30 දෙනා ගේ ලැයිස්තුව මේ වන විට හෙළිදරව් කර ඇත.
වසර 2000 සිට අප දත්ත එක්රැස් කළ අතර, එබැවින් මෙම ලැයිස්තුව සකස් කර ඇත්තේ 2000 - 2020 අතර කාලය වෙනුවෙනි," යැයි විස්ඩන් මාසික සඟරාවේ අලෙවිකරණ අධ්‍යක්ෂක - සෑම් ස්ටෝව් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මුරලිදරන් විසින් දවාගත් ටෙස්ට් කඩුලු 800න් 573ක්ම 2000 වසරේ ජනවාරි 01දා සිට 2010 වසර දක්වා දවාගෙන ඇති බවයි. මෙම කාලය තුළදී මීට වඩා ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇති එකම ක්‍රීඩකයා වන්නේ ජේම්ස් ඇන්ඩර්සන් ය. කෙසේවෙතත්, ඇන්ඩර්සන් මෙම කාලය තුළදී ටෙස්ට් කඩුලු 584ක් දවාගත්තේ පසුගිය දශක දෙක තුළදී තරග 151ක ක්‍රීඩාකරමින් බවත්, මුරලිදරන් කඩුලු 573ක් දවාගත්තේ තරග 85ක් තරග කරමින් බවත් ස්ටෝව් වැඩිදුරටත් පෙන්වා දෙයි.