ෆකාර් සමන්, මොහොමඩ් හස්නේන්, මොහොමඩ් රිස්වාන්, ෂදාබ් ඛාන් සහ වහබ් රියාස් මෙහි අනෙකුත් ක්රීඩකයින් වේ.
මෙම සංචාරය ටෙස්ට් තරග 3 ක් සහ විස්සයි - 20 තරග 3කින් සමන්විත වන අතර නිශ්චිත දිනයන් තවමත් ප්රකාශයට පත් කර නොමැත.
මුව ආවරණ පැලඳ, සමාජ දුරස්ථභාවය රඳවා තබා ගනිමින් සිය එංගලන්ත සංචාරය ආරම්භ කිරීම පාකිස්තාන ක්රීඩකයන්ට මෙන්ම සත්කාරක එංගලන්තයට ද නව අත්දැකීමක් විය.
පාකිස්තාන කණ්ඩාමේ සියලු සාමාජිකයන්ට දින 14ක නිරෝධායන වීමට සිදු වන අතර, එම කාලය ඇතුළත පුහුණුවීම් සිදු කිරීමට කිසිදු බාධාවක් නොමැති බව එංගලන්ත ක්රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.