Jul 02, 2020

ICC සභාපති ධුරයෙන් මනෝහර් අස්වෙයි, මුල් පුටුවට තුන් කොන් සටනක් Featured

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයෙන් ශාෂන්ක් මනෝහර් මහතා ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සභාපතිවරයෙකු තෝරාපත් කරගන්නා තෙක් අයි. සී. සී. උප සභාපති ඉම්රාන් ක්වාජා අන්තර්වාර සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

2008 සිට 2011 දක්වා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කලේද ශාෂන්ක් මනෝහර් මහතාය.

අයි. සී. සී. නීති රෙගුලාසි අනුව ඔහුට තවත් දැරිය හැකිවූයේ වසර 2ක එක් ධුර කාලයක් පමණි.

අයි. සී. සී. මුල් පුටුවට තුන් කොන් සටනක්

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ මීළඟ සභාපති පුටුව සඳහා තුන්කොන් සටනක් නිර්මාණය වී ඇති අතර එහිදී ඉන්දියාවේ සව්රව් ගංගුලි, බටහිර ඉන්දීය කොදෙව් හී ඬේව් කැමරන් සහ එංගලන්තයේ කොලින් ගේ‍්‍රව්ස් අදාළ සභාපතිත්වය සඳහා යෝජනා වී තිබේ.

වත්මන් ඉන්දියානු ක‍්‍රිකට් සභාපති සව්රව් ගංගුලිට එරට කි‍්‍රකට් සභාපතිත්වය තවත් දීර්ඝ කර ගැනීම සඳහා අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති අතර එහි තීන්දුව අනුව ඔහු අයි. සී. සී. සභාපතිවරණයට ඉදිරිපත් වන්නේද යන්න තීරණය වනු ඇත. 

යම් හෙයකින් ගංගුලිට අධිකරණයෙන් තීරණයක් ලැබුණහොත් ඉන්දියානු ක‍්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වශයෙන් තවදුරටත් සේවය කිරීමට ඔහු අයි. සී. සී. සභාපති තරගයෙන් ඉවත් වනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
 
ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ශෂාන්ක් මනෝහර් යළිත් අදාළ තනතුරට තරග කිරීමට තීරණය නොකිරීමත් සමග ඔහු එංගලන්ත වේල්ස් ක‍්‍රිකට් සභාපති කොලින් ග්‍රොව්ව මීළඟ අයි. සී. සී. සභාපතිවරයා වශයෙන් යෝජනා කර තිබේ. 

නමුත් ගංගුලිට ඉන්දියානු ක‍්‍රිකට් මහ පුටුව අහිමි වුවහොත් අයි. සී. සී. සභාපතිවරයා වශයෙන් ඔහු මනෝහර්ගේ අනුප‍්‍රාප්තිකයා විය යුතු බවට දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් ප‍්‍රධානි ග‍්‍රැහැම් ස්මිත් පවසා තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top