පරීක්ෂණ සඳහා අවශ්‍ය ප්‍රකාශ ලබා දීමට තමන් ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින බව ද තමන් නොකී දේ මාධ්‍යවල පළ නොකරන ලෙස ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කරයි.
ප්‍රකාශයක් ලබා දීම සඳහා තමන්ට වෙනත් දිනයක් ලබා දෙන බව ක්‍රීඩා වැරදි වැළක්වීමේ විශේෂ විමර්ශන ඒකකය දැනුම් දුන් අතර අද දිනයේදී කිසිදු ප්‍රකාශයක් ලබා නොගත් බව හිටපු නායකයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
--------------------------------------------------------------------------------------
( Update - Friday, 03 July 2020 10:24 )
ප්‍රකාශයක් දෙන්න ආ මහේල යලි හැරෙයි, එන්න එපා යැයි දැනුවත් කර නෑ !
2011 ලෝක කුසලාන අවසන් තරගයේදී පාවාදීමක් සිදුවු බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක හා සුපිරි පිතිකරු මහේල ජයවර්ධන ක්රී්රඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකයට අද (03) පැමිණි තිබේ.
අද දිනයේ නොපැමිණෙන ලෙස නිල වශයෙන් දැනුවත් කර නොතිබූ හෙයින් තමන් ක්‍රීඩාවේ වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණි බව මහේල ජයවර්ධන සඳහන් කරයි.
අද (03) දින ප්‍රකාශයක් ලබා දීමට නොපැමිණෙන ලෙස මහේල ජයවර්ධනට දන්වා තිබූ බව “ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය“ පවසා තිබේ.
කෙසේ වුවද යළිත් මහේලට ඉදිරියේ දී දිනයක් ලබා දෙන බව එම ඒකකය පවසා ඇත.
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් “ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශන විශේෂ ඒකකය“ මේ වන විට අරවින්ද ද සිල්වා, උපුල් තරංග සහ කුමාර් සංගක්කාර යන අයගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කර තිබේ.
ඊයේ දිනයේදී 2011 ලෝක කුසලාන අවසන් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූ කුමාර් සංගක්කාරගෙන් පැය 10කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත්තේය.