Feb 13, 2017

ක්‍රිකට් ආයතනයත් වාහන අවභාවිතයේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ද වාහන අවභාවිතයක් සිදුවන බව මාධ්‍ය වාර්තා කර තිබේ.
 
මීට සිව්මසකට පෙර ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු පිලේ සංචාරය වෙනුවෙන් භාවිතයට ගත් මෝටර් රථ සඳහා තවමත් කුලී ගෙවන බවද වාර්තා වේ.
 
කුලී පදනම මත ගෙන ඇති මේ මෝටර් රථ සඳහා ක්‍රිකට් ආයතනයෙන් ඉන්ධන ලැබෙන අතර ඒවාට කුලී ලෙස මාසිකව රුපියල් 160,000ක්ද ගෙවන බව පැවසේ.
 
මේ අතර  ක්‍රිකට් ආයතනයේ සභාපති ගේ පෞද්ගලික සහකාර නිලධාරියකු වන ප්‍රියන්ත සොයිසා නම් අය රුපියල් 1,50,000/- ක වැටුපක් ද සහිතව ආයතනයේ වෑන් රථයක් භාවිතා කරන බවද පැවසේ.
 
 කුලී පදනමට ගෙන ඇති එම වෑන් රථයේ හිමිකරුවා ද ඔහුම බවද වාර්තා වේ.
 
ක්‍රිකට් ආයතනයේ වාහන පෞද්ගලිකව භාවිතා කළ හැක්කේ එහි වැටුප් ලබන කළමනාකාර ධූරයේ අයට පමණක් වුවද ක්‍රීඩා සමාජ ඡන්දයෙන් තේරී පත් වූ ස්වේච්ඡා සේවයට කැපවුණු විධායක සභිකයෝ ද මේ වන විට එම ආයතනයේ ඉන්ධන යොදාගෙන ආයතනයේ වාහන තම පෞද්ගලික ගමන් වලට යොදා ගන්නා බවද පැවසේ.
 
ක්‍රිකට් ආයතනය තුළ අවභාවිතාවේ පවතින වාහන ලයිස්තුවක්ද මේවන විට මාධ්‍ය හෙළිකර තිබේ. අදාළ ලයිස්තුව පහත දැක්වේ.
 
වාහන අංකය  - වෙන් කරගෙන ඇති නිලධාරියා
 
PH 4267 - අනුර වීරසිංහ
PL 6669 - ෂම්මි සිල්වා
CAA 4256 - සුජීව ගොඩලියැද්ද
CAA 7290 - සුජීව ගොඩලියැද්ද
PF 0345 - ක්‍රිෂාන්ත සිල්වා
CAA 4263 - රවින් වික්‍රමරත්න
CAA 6263 - රවින් වික්‍රමරත්න
PG 2395 - ප්‍රියන්ත සොයිසා
KI 4455 - අරුණ ද සිල්වා
KM 7285 - ෂිබ්ලි විල්කාසිම් (ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රිකට් බඩු සපයන්නේ ද මොහු ය.)
 
 
 
 
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top