විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා මෙතෙක් අයි.සී.සී දූෂණ විරෝධී ඒකකයට කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බව දූෂණ විරෝධී ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් අයි.සී.සී දුෂණ විරෝධී ඒකකය වෙත ලිපියක් එවූ බවට ප්‍රකාශ කර සිටියද එවැනි ලිපියක් මේ දක්වා ලැබී නොමැති බවද එවැනි ලිපියක් මීට පෙර ලැබුණේද යන්න සම්බන්ධයෙන් කිසිදු තහවුරු කිරීමක් නොමැති බව ඇලෙක්ස් මාෂල් මහතා අවධාරණය කරයි.
2011 ලෝක කුසලාන අවසන් තරගය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කිසිදු සැකයක් නැතැයිද ඒ මහතා පවසයි.
තරග පාවා දීමේ සිද්ධීන් ගැන ලැබෙන සියලූ චෝදනා අතිශයින් බැරෑරුම් ලෙස සලකන බවත් මෙවැනි චෝදනා තහවුරු කිරීමට මේ දක්වා කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බවත් ඇලෙක්ස් මාෂල් මහතා වැඩිදුරටත් පවසයි.