Jul 07, 2020

ලංකා ප්‍රිමියර් ලීග් කල් යන ලකුණු Featured

එළැඹෙන අගෝස්තු මාසයේදී පැවැත්වීමට සැළසුම් කර ඇති ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සති දෙකකින් කල් දැමීමට ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

ඒ අනුව කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් තොටුපලවල් මෙතෙක් විවෘත කර නොතිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද පැවසේ. 

කෙසේ වෙතත් කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම එල්.පී.එල්. විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම්වල හිමිකාරිත්වය සම්බන්ධයෙන් වන ටෙන්ඩර් නිකුත් කිරීමද සිදු කිරීමට නියමිතය. 

එසේම ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ආකෘතියට සමානව ක්‍රීඩක වෙන්දේසියකින් කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමට නියමිත වීමද විශේෂත්වයකි. 

එමෙන්ම මෙහි තරග කොන්දේසියක් ලෙසින් එක් කණ්ඩායමක් සඳහා යොදාගත හැකි වන්නේ විදෙස් ක්‍රීඩකයන් 6 දෙනෙකු පමණකි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top