ජූලි 24දින ආරම්භ විය යුතු වුවද, Covid-19 වසංගතය හේතුවෙන් ලබන මාර්තු දක්වා මුලින් කල්ගිය 2020 ඔලිම්පික් උළෙල, ලබන වසරේ ජූලි 23 - අගෝස්තු 08 දක්වා පැවැත්වීමට මේ වන විට කටයුතු යොදා ඇත.
IOCයේ සභාපති තෝමස් බාක් පවසා සිටියේ ප්‍රේක්ෂකයින්ට මෙම ඔලිම්පික් උළෙල නැරඹීමට ලැබෙන ඇතැයි අපේක්ෂා කරන බවයි.
කෙසේවෙතත්, “ගෝලීය සෞඛ්‍ය අර්බුදයේ” “මූල්‍යමය ප්‍රතිවිපාක” හේතුවෙන් 2022 දී සෙනගාල් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත යොවුන් ඔලිම්පික් උළෙල 2026 දක්වා කල්දමා ඇති බව බාක් මහතා වැඩිදුරටත් පවසයි.