ඒ එම ක්‍රීඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීමේදීය.
මහේල ජයවර්ධන 1997 වසරේදී SSC ක්‍රීඩා සමාජය සමග එක් වූයේ කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදීයි.අනතුරුව එම වසරේදීම එක්දින ජාත්‍යන්තර වරම් දිනූ ඔහු තරග 448කදී ලකුණු 12650ක් රැස් කළ අතර ඊට ශතක 19ක් සහ අර්ධ ශතක 77ක් ඇතුළත් විය.
ටෙස්ට් තරග 149කදී ශතක 34ක් සහ අර්ධ ශතක 50ක්ද සහිතව ලකුණු 11814ක් රැස් කළ මහේල පන්දුවාර 20යි 20 තරග බිමේද ඉහළ දක්ෂතා දැක්වූ විශිෂ්ට ක්‍රීඩකයෙකි.
ජාතික කණ්ඩායමේ නායකයා ලෙස ලෝක කුසලාන අවසන් තරගයක් දක්වා කණ්ඩායම මෙහෙයවා ඇති මහේල වත්මන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුද වේ.
වසර 12ක් SSC ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු සභාපති ලෙස කටයුතු කළේ සමන්ත දොඩන්වල මහතාය.