එරට දේශීය ක්රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් මෙම පත්වීම සිදුකර ඇති බව වාර්තා වේ.
පසුගිය වසරේ ඔක්තොම්බර් මාසය දක්වා ශ්රී ලංකා ක්රිකට් පිලේ ප්රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ චන්දික හතුරුසිංහ මහතා ශ්රී ලංකා පිලට එක්වීමට පෙර 2010 සිට 2014 කාලය තුළ නිව් සවුත්වේල්ස් ප්රාන්ත කණ්ඩායමේ සහකාර පුහුණූකරුවෙකු වශයෙන් කටයුතු කළේය.
එම කණ්ඩායමේ හිටපු පිතිකරණ පුහුණුකරු වූ එංගලන්ත ජාතික මයිකල් යාඩි මහතාගේ සේවා කාලය පසුගියදා නිමාවට පත්වූ අතර ඔහු මේ වනවිට එංගලන්තයේ කෙන්ට් ප්රාන්ත කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය සඳහා එක්වී සිටියි.