Jul 23, 2020

ශ්‍රීපාලි ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි  

ශ්‍රී ලංකා කාන්තා පිල නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන ශ්‍රීපාලි වීරක්කොඩි සිය අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

ඒ පිළිබඳව 34 හැවිරිදි ශ්‍රීපාලි විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයවෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 89 කට සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 58 කට ඇය සහභාගිවී තිබේ.

සිය සමුගැනීමේ තීරණය පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රීපාලි පවසා ඇත්තේ මෙය තමන්ගේ පෞද්ගලික තීරණයක් මත ගත් එකක් බවය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top